පරිගණකය අනුසාරයෙන් ගැටලුවක් විසදීමේ දී ගැටලුව විසදිය යුතු ආකාරය පරිගණකයට තේරම් ගත යුතු ආකාරයෙන් ලබා දිය යුතු ය. එය විදාන (commands) සමූහයක එකතුවක් ලෙස පරිගණක ගත කළ හැක. පරිගණකයට ඍජුවම තේරම් ගත හැකි භාෂා යන්ත‍්‍ර භාෂා (machine language) ලෙස හැඳින්වේ. සාමාන්‍යයෙන් යන්ත‍්‍ර භාෂා වල අදාල ස්වරෑපය පරිගණකයේ තිබෙන සකසනය (processor) මත රඳා පවතී.